BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • 'මහින්ද රාජපක්ෂගේ ගෙදර විදුලිය නොකපා මගේ ගෙදර විදුලිය කැපුවේ ඇයි' - පාරිභෝගිකයෙකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    2019 වසරේදී වීරකැටියේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා භාවිත කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු ගෙවීම පැහැර හැරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 24) දින නියම කළේ ය.

  • රනිල්ගෙන් සජිත්ට විශේෂ උපදෙසක්: විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී මොක ද වුණේ?

    ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. එහිදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අදහස වූයේ, ඉහත සඳහන් යෝජනාව හරහා වත්මන් ආණ්ඩුව අධිකරණයට අත තබා ඇති බව ය. එය පරාජය කිරීමට පියවර ගත යුතු බවත්, ඊට විපක්ෂයට හැකියාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

  • 'මම ගැබ් අරගෙන කියලා මටත් කලින් මගේ ෆිට්නස් ට්‍රැකර් එක දැනගෙන හිටියා'

    ෆිට්නස් ට්‍රැකර් උපාංග ඔස්සේ කල් තියා මෙම ලක්ෂණ නිරීක්ෂණය වන බව පවසන සිය ගණනක් වූ කාන්තාවන් අතරින් රවිකා ද එක් අයෙකි. ස්මාර්ට් මුදු, ස්මාර්ට් ඔරලෝසු සහ පපුවේ පළඳින ට්‍රැකර් ඇතුළු ෆිට්නස් ට්‍රැකර් උපාංග එක්සත් රාජධානිය තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වී ඇත. YouGov පර්යේෂණයකට අනුව, 2026 ජනවාරි මාසය වන විට බ්‍රිතාන්‍යයේ වෙසෙන වැඩිහිටියන්ගෙන් 36%ක් ෆිට්නස් ට්‍රැකර් උපාංගයක් තමන් සතුව තබාගෙන භාවිත කර ඇත. එය 2019 ජූලි මාසයේ පැවති ප්‍රතිශතය මෙන් දෙගුණයකට ආසන්න ගණනකි.

  • රුධිර පරීක්ෂණ සඳහා වැඩිපුර අයකිරීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් 23කට දඩ

    සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC) සඳහා රෝගයෙකුගෙන් අය කළ යුතු උපරිම මිල රුපියල් 400ක් බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා ඇති නියමයන්ට එරෙහිව යමින් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 550ක මුදලක් නීතිවිරෝධී ලෙස අය කළ බවට අධිකරණය හමුවේ වරදකරු වූ පෞද්ගලික රෝහලකට යාපනය අතිරේක මහේස්ත්‍රාත් එම්. එන්. එන් හුසේන් මුදලින් රුපියල් ලක්ෂ 30ක දඩයක් නියම කළේය.

  • උසස් පෙළ විභාගය කල් දමන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

    මේ වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබ තිබිණි.

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි