BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
රනිල්ගෙන් සජිත්ට විශේෂ උපදෙසක්: විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී මොක ද වුණේ?
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. එහිදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අදහස වූයේ, ඉහත සඳහන් යෝජනාව හරහා වත්මන් ආණ්ඩුව අධිකරණයට අත තබා ඇති බව ය. එය පරාජය කිරීමට පියවර ගත යුතු බවත්, ඊට විපක්ෂයට හැකියාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.
'මම ගැබ් අරගෙන කියලා මටත් කලින් මගේ ෆිට්නස් ට්‍රැකර් එක දැනගෙන හිටියා'
ෆිට්නස් ට්‍රැකර් උපාංග ඔස්සේ කල් තියා මෙම ලක්ෂණ නිරීක්ෂණය වන බව පවසන සිය ගණනක් වූ කාන්තාවන් අතරින් රවිකා ද එක් අයෙකි. ස්මාර්ට් මුදු, ස්මාර්ට් ඔරලෝසු සහ පපුවේ පළඳින ට්‍රැකර් ඇතුළු ෆිට්නස් ට්‍රැකර් උපාංග එක්සත් රාජධානිය තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වී ඇත. YouGov පර්යේෂණයකට අනුව, 2026 ජනවාරි මාසය වන විට බ්‍රිතාන්‍යයේ වෙසෙන වැඩිහිටියන්ගෙන් 36%ක් ෆිට්නස් ට්‍රැකර් උපාංගයක් තමන් සතුව තබාගෙන භාවිත කර ඇත. එය 2019 ජූලි මාසයේ පැවති ප්‍රතිශතය මෙන් දෙගුණයකට ආසන්න ගණනකි.
මීගමුව බන්ධනාගාරයේ මරණ 28න් 17කට හේතුව වෙඩි තැබීම්: 11ක් මොට ආයුධ පහරදීම්වලින් - ප්‍රධාන මහේස්ත්‍රාත්
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය පුද්ගලයින් 28 දෙනෙකුගෙන් 17 දෙනෙකුගේ මරණවලට හේතුව වෙඩි වැදීම බවත් අනෙකුත් 11 දෙනාගේ මරණවලට හේතුව මොට ආයුධවලින් පහර දීම බවත් මරණකරුවන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ ස්වකීය පශ්චාත් මරණ පරීක්ෂණවලදී තහවුරු කර ඇතැයි, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා ප්‍රකාශ කළා ය.
රුධිර පරීක්ෂණ සඳහා වැඩිපුර අයකිරීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් 23කට දඩ
සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC) සඳහා රෝගයෙකුගෙන් අය කළ යුතු උපරිම මිල රුපියල් 400ක් බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා ඇති නියමයන්ට එරෙහිව යමින් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 550ක මුදලක් නීතිවිරෝධී ලෙස අය කළ බවට අධිකරණය හමුවේ වරදකරු වූ පෞද්ගලික රෝහලකට යාපනය අතිරේක මහේස්ත්‍රාත් එම්. එන්. එන් හුසේන් මුදලින් රුපියල් ලක්ෂ 30ක දඩයක් නියම කළේය.
දේශබන්දු ඇතුළු පොලිසියේ දෙදෙනෙකු අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි අධිකරණය තීන්දු කරයි
2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයෙකු අත්අඩංගුවට රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
උසස් පෙළ විභාගය කල් දමන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය
මේ වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබ තිබිණි.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ඔබත් මෙම AI කතුන්ට රැවටුණා ද? නව අධ්‍යයනයකින් හෙළිවූ කරුණු
මෙම අධ්‍යයනයේ හමුවූ සීමා ද වැදගත් සොයාගැනීමක් ලෙස සැලකිය හැකි බව පෙන්වා දෙන ඔහු ඊට හේතුව ලෙස එහි සඳහන් කර ඇත්තේ, මෙම ගිණුම් එක ම පුද්ගලයෙකු හෝ සංවිධානයක් සතු ද , ඒවා මෙහෙයවන්නේ කවුද, ඒවා පිටුපස ස්වයංක්‍රීය පද්ධති තිබෙන්නේ, සහ ඒවායෙන් ලැබෙන ආදායම අවසානයේ කා වෙත ගලා යන්නේ ද යන්න ෆේස්බුක්හි ප්‍රසිද්ධියේ පෙනෙන තොරතුරු පමණක් ඇසුරෙන් තහවුරු කළ නොහැකි වීම යන්න ය.
මරියසෙල් ගුණතිලක: අවුරුදු 7දී ගායන වේදිකාවට පා තබා 68දී ජීවිත වේදිකාවෙන් බැස ගිය 'කැන්ඩි ළමිස්සි'
සිංහල සංගීත ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු පවසන ආකාරයට මරියසෙල් ගුණතිලකගේ හැරවුම් ලක්ෂය වූයේ, 'කැන්ඩි ළමිස්සි' ගීතය යි. 1977 වසරේදී පටිගත කරන ලද එම ගීතය ක්ෂණිකව අතිශයින් ජනප්‍රිය වූ අතර, මරියසෙල් ගුණතිලක සිංහල සංගීත ක්ෂේත්රයේ සලකුණක් තැබුවේ, එම ගීතය හරහා ය.
ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: මුදල් කාරක සභාවේ විමර්ශන වාර්තාවේ සඳහන් විශේෂ කරුණු 5ක්
රජයේ මුදල් කාරක සභාවට අනුව, මෙම වංචාව සිදු කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ අදාළ මූල්‍ය ආයතනයෙන් ඒවා ඇති බවට පෙනෙන ව්‍යාජ විද්‍යුත් තැපැල් සන්නිවේදනයන් හරහා ය. වංචාකරුවන් සැබෑ ණයහිමියාගේ ලිපිනයට සමාන විද්‍යුත් තැපැල් ලිපින භාවිතාකර වෙනස් කළ බැංකු ගිණුම් විස්තර අඩංගු ඉන්වොයිසි යවා ඇති බව මෙහිදී නිරීක්ෂණය කර තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට වාර්තා වන ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගැටුම් ඉතිහාසය: 1900 සිට 2026 දක්වා
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට 1900 වර්ෂයේදී මහර ප්‍රදේශයේ ගල්වළක් තුළ සේවය සඳහා යොදවා සිටි සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ. පසුව මෙම ගැටුම සමථයකට පත් කර ගැනීමට එහි සිංහල කාර්ය මණ්ඩලය ඉවත් කර මැලේ කාර්ය මණ්ඩලයක් යෙදවීමට පියවර ගෙන තිබිණි.
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව ගැන ඔබ නිතර නගන ප්‍රශ්න 10කට පිළිතුරු
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ජූලි 5 සහ ජූලි 6 යන දිනවල ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳ පාඨක ඔබ නගන ප්‍රශ්න 10කට පිළිතුරු ලබාදීමට මෙම ලිපිය මගින් බීබීසී සිංහල අපේක්ෂා කරයි.




















































