BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
චීන ජාතිකයෙකුගේ මුදල් කොල්ල කෑම: හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන්ට ලැබුණු තීන්දුව
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුජ දිනුජිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් 5 දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ජුලි 27) නියෝග කළේ ය.
2022-2024 කාලය තුළ ජල බිල්පත් අසාමාන්‍ය ලෙස ඉහළ දමා පාරිභෝගිකයින් අපහසුතාවයට පත් කළ බව විගණන වාර්තාවකින් හෙළිවෙයි
මෙම ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් විශේෂ විගණනයක් සිදු කර ඇති අතර, 2022 සහ 2023 වසරවල සිදුවූ ගාස්තු සංශෝධනයන් පැවති ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටි ජල පාරිභෝගිකයින් මහත් අපහසුතාවයකට පත්වන සේ අසාමාන්‍ය ලෙස ඉහළ දමා ඇති බව විගණනයෙන් නිරීක්ෂණය කර තිබේ.
ශ්‍රී ලංකා පොලිසියට වේශ නිරූපණ ශිල්පීන් බඳවා ගන්නේ ඇයි?
ශ්‍රී ලංකා පොලිසියේ, පොලිස් සහයක සේවාවට අයත් තනතුරුවල පවතින පුරප්පාඩු කිහිපයක් සඳහා නිලධාරීන් බඳවා ගැනීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ. උපපොලිස් පරීක්ෂක තනතුර සඳහා 177 දෙනෙකු සහ පොලිස් කොස්තාපල් තනතුරට 206 දෙනෙකු බඳවා ගැනිමට නියමිතව ඇති අතර ඇතැම් පුරප්පාඩු සඳහා පිරිමි සහ කාන්තා දෙපාර්ශවයට ම අයැදුම් කළ හැක.
බලගැන්වූ යුරේනියම් යනු මොනවා ද? ඇමෙරිකා - සෞදි න්‍යෂ්ටික ගිවිසුම මතභේදාත්මක වන්නේ ඇයි?
එක්සත් ජනපදය පදනම් කර ගත් Defense Priorities නමැති බුද්ධි මණ්ඩපය මැදපෙරදිග වැඩසටහන් අධ්යක්ෂ රෝස්මරි කෙලනික් පවසන්නේ, අදාළ ගිවිසුමට එක්සත් ජනපදය සෞදි අරාබියට යුරේනියම් බලගැන්වීමට පහසුකම් ලබා දීමට ඉඩ දීම ඇතුළත් වුවහොත් එය තරමක් කම්පනසහගත තත්ත්වයක් ඇති කරනු ඇති බව ය.
වැඩිහිටියන් කිසිවෙකු තනි නොකිරීමට උත්සහ කරන ඉන්දීය ප්‍රාන්තය
සංක්‍රමණය හේතුවෙන් වැඩිහිටි පුද්ගලයන් වැඩි පිරිසක් තනිව ජීවත් වීමට සිදුව ඇති බැවින්, තම වයස්ගත වන ජනගහනය රැකබලා ගැනීමට නව ක්‍රම සොයා බැලීමට කේරළය උත්සහ කරමින් සිටී.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
මූලික අයිතිවාසිකම් කඩවීමකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන්නේ කෙසේ ද?
මූලික අයිතිවාසිකම් යනු අපට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ම සහතික කර ඇති අයිතීන් ය. ඒවා විධායකය හෝ රජය නිලධාරීන් අතින් කඩවූ අවස්ථාවක ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ අවස්ථාව ඔබට තිබේ. ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවා ද?
සුරේෂ් සලේ වෙනුවෙන් දින 7ක් කළ කරුණු දැක්වීම අවසන්: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
"ස්වාමීනී... පෙත්සම්කාර සුරේෂ් සලේගේ මව කිතුණු භක්තික කාන්තාවක්. ඇය අධිකරණයට පැමිණ සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින ඇය නුගේගොඩ කිතුණු දේවස්ථානට ගොස් තිබුණා. ඇය දරුවන් තුන් දෙනෙකු යුද හමුදාවට භාරකර තිබෙනවා. ඔවුන් අද අධිකරණයට පැමිණ සිටිනවා. මෙම පෙත්සම්කරු සෑම අඟහරුවාදා දිනක ම සිය මව සමග ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට යන කෙනෙක්. මෙවැනි පුද්ගලයෙකු කිතුණු දේවස්ථානවලට පහර දීමට සැලසුම් කරයි ද? ස්වාමීනි..."
ලෝකයට නැතිවම බැරි මෙට්‍රෝ දුම්රිය ශ්‍රී ලංකාවට නොගැළපෙනවා ද?
මෙට්‍රෝ (metro), සබ්වේ (subway), ටියුබ් (tube) , අන්ඩර්ග්‍රවුන්ඩ් (underground) හෝ MRT යනු දියුණු රටවල වෙසන බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඒවා එම ජනතාවගේ ජීවිත හා බැඳුණු නැතිවම බැරි සේවාවකි. එම රටවල මහජනතාවගේ දෛනික ජීවිතයේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ලන්නේ, මෙම දුම්රිය සේවවාන්ය.
'මායාවන්ගෙන් සහ මනුෂ්‍යත්වයෙන් පිරුණු' The Odyssey චිත්‍රපටය ගැන ඔබ දැනගත යුතු කරුණු 5ක්
මැට් ඩේමන්, ඈන් හැතවේ සහ ටොම් හොලන්ඩ් රංගනයෙන් දායක වන, ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණය සිනමාහල් තුළ ප්‍රදර්ශනය වෙමින් පවතින මොහොතක මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ චිත්‍රපටය ගැන ඔබ දැන සිටිය යුතු විශේෂ කරුණු 5ක් පිළිබඳව ය.
දියර කිරි, සබන් සහ සනීපාරක්ෂක තුවාවලට අලුත් ම නීති
පාරිභෝගික භාණ්ඩ කිහිපයකට අදාළව නව නීති හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව සබන්, සැකසු දියර කිරි සහ සනීපාරක්ෂක තුවා සම්බන්ධව මෙසේ නව රෙගුලාසි කිහිපයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.



















































