BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • මීගමුව බන්ධනාගරයේ ඡායාරූපයකි

    මීගමුව බන්ධනාගාර ගැටුම: 'හීනටියන සුපුන්' ඇතුළු රැඳවියන් සිව් දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරයි

    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් මියයෑම, තුවාල ලැබීම සහ බන්ධනාගාර දේපළවලට බරපතල හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිරකරුවන් හතර දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දැනුම් දුන්නේය. ඒ, මීගමුව බන්ධනාගාරයේ ගැටුමට අදාළ නඩුකරය අද (ජුලි 27 වැනිදා) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ය.

  • Sri Lanka Supreme Court

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය: නීති විශාරදයන්ගේ මතය කුමක් ද?

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආරම්භක විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ තීරණයට තමන් විරුද්ධ නොමැති නමුත් එය ක්‍රියාත්මක කරන ක්‍රමය නිවැරදි නොවන බව ය.

  • සුරේෂ් සලේ

    සුරේෂ් සලේගේ පෙත්සම් විභාගයේදී මතු වූ කරුණු

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද (ජූලි 27) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලිණි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්විණි.

  • ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාගේ ඡායාරූපයකි

    චීන ජාතිකයෙකුගේ මුදල් කොල්ල කෑම: හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන්ට ලැබුණු තීන්දුව

    චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුජ දිනුජිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් 5 දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ජුලි 27) නියෝග කළේ ය.

  • ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය

    2022-2024 කාලය තුළ ජල බිල්පත් අසාමාන්‍ය ලෙස ඉහළ දමා පාරිභෝගිකයින් අපහසුතාවයට පත් කළ බව විගණන වාර්තාවකින් හෙළිවෙයි

    මෙම ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් විශේෂ විගණනයක් සිදු කර ඇති අතර, 2022 සහ 2023 වසරවල සිදුවූ ගාස්තු සංශෝධනයන් පැවති ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටි ජල පාරිභෝගිකයින් මහත් අපහසුතාවයකට පත්වන සේ අසාමාන්‍ය ලෙස ඉහළ දමා ඇති බව විගණනයෙන් නිරීක්ෂණය කර තිබේ.

  • Sri Lankan women police officers participate in the 156th Sri Lanka Police Day celebrations held in Colombo on September 03, 2022. (Photo by Pradeep Dambarage/NurPhoto via Getty Images)

    ශ්‍රී ලංකා පොලිසියට වේශ නිරූපණ ශිල්පීන් බඳවා ගන්නේ ඇයි?

    ශ්‍රී ලංකා පොලිසියේ, පොලිස් සහයක සේවාවට අයත් තනතුරුවල පවතින පුරප්පාඩු කිහිපයක් සඳහා නිලධාරීන් බඳවා ගැනීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ. උපපොලිස් පරීක්ෂක තනතුර සඳහා 177 දෙනෙකු සහ පොලිස් කොස්තාපල් තනතුරට 206 දෙනෙකු බඳවා ගැනිමට නියමිතව ඇති අතර ඇතැම් පුරප්පාඩු සඳහා පිරිමි සහ කාන්තා දෙපාර්ශවයට ම අයැදුම් කළ හැක.

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • කොළඹදී විරෝධතාවයක්
  •  මෝටර් රථවලින් අත්ලාන්තික් සාගරය තරණය කළ හැටි
  • ගොඩනැගිල්ලක පලංචියක් ගැලවී යන අයුරු
  • වාහනවලින් පිරුණු රථගාලක් ජලයෙන් යටවෙය්
  •  උණුසුම් වායු  බැලූනයක් මත පාපැදිය පදවයි
  • මත්ද්‍රව්‍ය ජාවාරම්  කිරීමට යොදාගත්  බලලෙකු අල්ලා ගනී.
  • විලේ පරාවර්තනය  නිසා මෝටර් රථ අහසේ යනවා  වගේ පෙනෙයි
  • ඕකා තල්මසෙක් සන්ෆිෂ් කැබලි වලට කඩා දැමු හැටි
  • මත්පැන් සැලක සේවකයෙකු දිවියෙකුගේ ප්‍රහාරයෙන් නූලෙන් බේරෙයි
  • දෙමටගොඩ වෙඩි තැබීම
  • 83 කළු ජූලියට වසර 43ක් සපිරේ
  • Sport Minister

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • The Sri Lankan Supreme Court Complex

    මූලික අයිතිවාසිකම් කඩවීමකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන්නේ කෙසේ ද?

    මූලික අයිතිවාසිකම් යනු අපට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ම සහතික කර ඇති අයිතීන් ය. ඒවා විධායකය හෝ රජය නිලධාරීන් අතින් කඩවූ අවස්ථාවක ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ අවස්ථාව ඔබට තිබේ. ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවා ද?

  • සුරේෂ් සලේ

    සුරේෂ් සලේ වෙනුවෙන් දින 7ක් කළ කරුණු දැක්වීම අවසන්: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

    "ස්වාමීනී... පෙත්සම්කාර සුරේෂ් සලේගේ මව කිතුණු භක්තික කාන්තාවක්. ඇය අධිකරණයට පැමිණ සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින ඇය නුගේගොඩ කිතුණු දේවස්ථානට ගොස් තිබුණා. ඇය දරුවන් තුන් දෙනෙකු යුද හමුදාවට භාරකර තිබෙනවා. ඔවුන් අද අධිකරණයට පැමිණ සිටිනවා. මෙම පෙත්සම්කරු සෑම අඟහරුවාදා දිනක ම සිය මව සමග ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට යන කෙනෙක්. මෙවැනි පුද්ගලයෙකු කිතුණු දේවස්ථානවලට පහර දීමට සැලසුම් කරයි ද? ස්වාමීනි..."

  • මෙට්‍රෝ දුම්රිය

    ලෝකයට නැතිවම බැරි මෙට්‍රෝ දුම්රිය ශ්‍රී ලංකාවට නොගැළපෙනවා ද?

    මෙට්‍රෝ (metro), සබ්වේ (subway), ටියුබ් (tube) , අන්ඩර්ග්‍රවුන්ඩ් (underground) හෝ MRT යනු දියුණු රටවල වෙසන බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඒවා එම ජනතාවගේ ජීවිත හා බැඳුණු නැතිවම බැරි සේවාවකි. එම රටවල මහජනතාවගේ දෛනික ජීවිතයේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ලන්නේ, මෙම දුම්රිය සේවවාන්ය.

  • The Odyssey

    'මායාවන්ගෙන් සහ මනුෂ්‍යත්වයෙන් පිරුණු' The Odyssey චිත්‍රපටය ගැන ඔබ දැනගත යුතු කරුණු 5ක්

    මැට් ඩේමන්, ඈන් හැතවේ සහ ටොම් හොලන්ඩ් රංගනයෙන් දායක වන, ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණය සිනමාහල් තුළ ප්‍රදර්ශනය වෙමින් පවතින මොහොතක මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ චිත්‍රපටය ගැන ඔබ දැන සිටිය යුතු විශේෂ කරුණු 5ක් පිළිබඳව ය.

  • කිරි, සබන් හා සනීපාරක්ෂක තුවාවල ඡායාරූප තුනකි

    දියර කිරි, සබන් සහ සනීපාරක්ෂක තුවාවලට අලුත් ම නීති

    පාරිභෝගික භාණ්ඩ කිහිපයකට අදාළව නව නීති හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව සබන්, සැකසු දියර කිරි සහ සනීපාරක්ෂක තුවා සම්බන්ධව මෙසේ නව රෙගුලාසි කිහිපයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ජනප්‍රිය ලිපි